වෙදමුල්ල මහා විද්‍යාලය​

Slide2-2
Slide2-3
Slide2-5
Slide2-4
Slide2-1
Slide2-6
Slide2-7

විදුහල්පතිතුමියගේ පණිවිඩය

නිලූශා ආර්. දන්තසිංහ මිය

බප/කැල/වෙදමුල්ල මහා විද්‍යාලය 1870 වර්ෂයේ ආරම්භ වූ, කැලණිය ප්‍රදේශයේ පැරණිතම සිංහල, බෞද්ධ පාසලකි. අතීතයේ දී අසල්වාසී සියලුම දරුදැරියන් මෙම විද්‍යාලයට පැමිණ තිබූ අතර සමාන්තර පන්ති 4 හා 3 බැගින් පවත්වා ඇත.

ක්‍රමානුකූලව පාසලට ඉතා ආසන්න සීමාවන්හි ජනප්‍රිය පාසල් බිහිවීමත් සමඟ වෙදමුල්ල විද්‍යාලයට පැමිණෙන සිසු පිරිස් එම නව පාසල් කරා ඇදී යාම හා එම පාසල්හි සමාන්තර පන්ති ප්‍රමාණාත්මකව වැඩි කිරීමත් සමග සිසු සංඛ්‍යාවේ අඩු වීමක් සිදුවෙමින් ඇත.

වර්තමානය වන විට සිසු සිසුවියන් 465 ක් සහිත වන මෙම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර, අ.පො.ස උ/පෙළ කලා හා වාණිජ විෂය ධාරාවන්හි ඉගෙනුම් ඉගැන්වීම් සිදු කරනු ඇත. කලාවට උපන් හැකියාවක් ඇති දරු පිරිසක් පාසලේ අධ්‍යාපනය ලබති. කොට්ඨාස, කලාප, පළාත්, හා ජාතික ආදී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ ලබන දූ පුතුන් සහිතය. පාසල නගා සිටුවීම සඳහා පාසලට උපකාරී වන විශාල ආදි සිසුන් පිරිසක්, සුබපතන්නන්, සුභ සාධක ආයතන අප සමඟ අත්වැල් බැඳගෙන සිටීම පාසලේ අනාගතය ශක්තිමත් කිරීමට ද, දූ දරුවන් අභිප්‍රේරණය කරමින් අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට දරු දැරියන්ගේ හා පාසලේ කාලින අවශ්‍යතා ඉටු කර ගැනීමට අනගි පිටුවහලකි. අප වෙත පැමිණෙන සියලුම දරු දැරියන් දැනුම, කුසලතා, ආකල්ප සියල්ලගෙන් ධනාත්මක සුසැදි රටට වැඩදායී පරපුරක් බවට පරිවර්තනය කිරීම අපගේ අරමුණ වේ. අප පාසලේ දැක්ම වන්නේ ‘‘නැණැති, ගුණැති, නිපුණැති දරුවෙක්“ යනනයි. ඒ සඳහා අප සතුවූත් සතු වන්නාවූත් ශක්තීන් හා සම්පත් සියල්ල දරුවන් උදෙසා ඵලදායී ලෙස යොදා ගැනීමට අපගේ මෙහෙවර වේ.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

 

 

නිලූශා ආර්. දන්තසිංහ මිය
විදුහල්පතිනි
බප/කැල/වෙදමුල්ල මහා විද්‍යාලය.